Wednesday, February 10, 2010

ආදරණීය ශෂී. . . (01 කොටස)

"සමන් මල්ලී මාර කෑල්ලක් ආවානෙ . . . අක්කලගෙ කඩේට. අපි දෙන්න පස්සෙන් ගියා. ෂ. . . මාර ගති." මෙහෙම කිව්වෙ මගේ අක්කගේ මගුල් ගෙදර ආපු අපේ බඩපිස්සො සංගමයේ (තාත්තගෙ පවුලේ හැමෝගෙම බාලයා පිරිමි ළමයෙක්. ඒ නිසා අපි එකට සෙට් වෙනකොට එතන පිරිමි ළමුන් 6ක් හිටියා. කට්ටියව හඳුන්වන්නෙ බඩපිස්සො සංගමය කියලා.) මධුකයි, නිමලුයි. මුන් දෙන්නා මේ පැත්තෙ කව්රු හරි කෙල්ලෙක් දැක්කොත් කරන්නෙ දාගන්න. මුන් දෙන්නටම ගමේ කෙල්ලො අල්ලන්නෙ නෑ. කොළඹ මේනියාවක් තියෙන්නෙ.

"මේ උඹලා ඕවා කරන්න ගිහිල්ලා මට තමයි ගෙදරින් චාටර් වෙන්නෙ. ඊටත් මෙහෙ ඒවා මෙහෙ කපුටන්ට. පිස්සු කෙලින්න එපා. අපි තාම මේ පළාතට ඇවිත් අවුරුදු 3යි. ඔය කෙල්ලො කව්ද කියලා කව්ද දන්නෙ? " මම එහෙම කිව්වෙ ඇත්තටමයි. ඒ වෙනකොට මම අ.පො.ස(උ/පෙළ) පළමු වසරේ සිටියත් කෙල්ලෙක් යාළුවෙලා තිබුනෙ නෑ. (දැන්නම් 6 වසරේ ඉඳන් කෙල්ලො ඉන්නවා නේද) මගේ හිතේ තිබුන බයටම උන්ව බය කරන්න හැදුවත් කොහෙද මුන් දෙන්නා.

"මචන්, ඒවා උඹ බලාගනින් අපි ගියාට පස්සෙ. දැන් යමන් කෙල්ලගෙ ගෙවල් පැත්තෙ වටයක් දාන්න." මලා මුන් මට ඇපත් නැතිකරයි වගේ.

උදව්වක් ඕනා

මම Photoshop CS4 වල සිංහල Unicode වලින් ලියනකොට හරියට ලියවෙන්නෙ නෑ. මේකට විසඳුමක් දන්න අය ඉන්නවනම් මට කියල දෙන්න.

Friday, February 5, 2010

මගේ Photo එක දැක්කද?

ඔය මම මුහුදු මංකොල්ල කන කාලෙ ගත්ත එකක්.

බලාපොරොත්තුවක් ඉටුවුනා . . .

සති දෙකක් තිස්සෙ බලාපොරොත්තුව හිටි සිංහල බ්ලොග් කියවනයට ඇතුලත්වීම අද සිද්ධ උනා. මම දැන් මගේ තථාව කියන්නම්.

Sunday, January 17, 2010

ආදරණීය ශෂී . . . (හැඳින්වීම)

පළමුවෙන් කියන්න ඕන මම මේ කියන්න යන කතාව මගේ ජීවිතයේ සත්‍ය සිදුවීමක් බව. මට කාටවත් හංගන්න දෙයක් නැති මගේ සියළු පාසල් මිතුරන් දන්නා (දන්නා තරමින් ඒ දිනවල මගේ පාසලෙත් ඇයගේ පාසලෙත් ප්‍රසිද්ධ පෙම්වතුන් යුවලක් වූ) අපගේ කථාවයි. දැන් ඇය කොහේ සිටිනවාදැයි හරියටම නොදන්නාමුත් මීට වසර දෙකකට පෙර හමුවූ අපට උදව් කල ඇයගේ මිතුරියක් පැවසුවේ ඇයද (විවාහක වුවත්) තවමත් වරින් වර මා පිළිබඳ මතක් කරන බවයි.

ඒ සමඟම මම මේ ලියන අතීතය මගේ ආදරණීය බිරිඳ දැන සිටියත් තවමත් මා පැරණි ආදරයේ මතක රඳවාගෙන සිටිනවායයි කියන්නට තරම් ඇයට සැහැසි නොවන්නටද මම පරිස්සම් වෙමි. මොකද එසේ වුවහොත් ඇය නොකල වරදකට ඇයට සිතින් දුක් විඳින්නට සිදුවීමයි. මෙය කියවන ඔබ මට බනින්නට පුළුවන්. එහෙත් අද දින යථාර්තයට මා මුහුණ දී සිටිමි. මාගේ ජීවිතය අද සාර්ථක වුවත් පෙම්වතියකට දුන් වේදනාව මසිතේ අළු යට ගින්දර මෙන් පවතී. ඉතිං මම කියන්නම් මගේ කථාව . . . . . . . . . .

ආදරණීය ශෂී. . .

මා අහිමිකරගත් ආදරය ගැන ලියන්න අවුරුදු 14 පස්සෙ මට හිතුනෙ වර්ෂා කියවනකොට අළුත්වුන මගේ පළමු ආදරය පිළිබඳ මතකය නිසා. අවුරුදු 14 ගතවෙලත් තාමත් මගේ හදවතේ ඒ ආදරය පිළිබඳව ආදරයක්, ලෝභකමක් තියෙන්නෙ ඇයි කියලා මම දන්නෙ නෑ . ඒක වෙන්න ඇති පළමු ආදරය සදා මතකයේ රැ‍ඳෙනවා කියන්නෙ.

හිතට වදදෙන මා වැරදි යයි හැඟීම කවදා කොහොම නැතිවෙයිද? මට තාම හිතාගන්න බෑ.