"සමන් මල්ලී මාර කෑල්ලක් ආවානෙ . . . අක්කලගෙ කඩේට. අපි දෙන්න පස්සෙන් ගියා. ෂ. . . මාර ගති." මෙහෙම කිව්වෙ මගේ අක්කගේ මගුල් ගෙදර ආපු අපේ බඩපිස්සො සංගමයේ (තාත්තගෙ පවුලේ හැමෝගෙම බාලයා පිරිමි ළමයෙක්. ඒ නිසා අපි එකට සෙට් වෙනකොට එතන පිරිමි ළමුන් 6ක් හිටියා. කට්ටියව හඳුන්වන්නෙ බඩපිස්සො සංගමය කියලා.) මධුකයි, නිමලුයි. මුන් දෙන්නා මේ පැත්තෙ කව්රු හරි කෙල්ලෙක් දැක්කොත් කරන්නෙ දාගන්න. මුන් දෙන්නටම ගමේ කෙල්ලො අල්ලන්නෙ නෑ. කොළඹ මේනියාවක් තියෙන්නෙ.
"මේ උඹලා ඕවා කරන්න ගිහිල්ලා මට තමයි ගෙදරින් චාටර් වෙන්නෙ. ඊටත් මෙහෙ ඒවා මෙහෙ කපුටන්ට. පිස්සු කෙලින්න එපා. අපි තාම මේ පළාතට ඇවිත් අවුරුදු 3යි. ඔය කෙල්ලො කව්ද කියලා කව්ද දන්නෙ? " මම එහෙම කිව්වෙ ඇත්තටමයි. ඒ වෙනකොට මම අ.පො.ස(උ/පෙළ) පළමු වසරේ සිටියත් කෙල්ලෙක් යාළුවෙලා තිබුනෙ නෑ. (දැන්නම් 6 වසරේ ඉඳන් කෙල්ලො ඉන්නවා නේද) මගේ හිතේ තිබුන බයටම උන්ව බය කරන්න හැදුවත් කොහෙද මුන් දෙන්නා.
"මචන්, ඒවා උඹ බලාගනින් අපි ගියාට පස්සෙ. දැන් යමන් කෙල්ලගෙ ගෙවල් පැත්තෙ වටයක් දාන්න." මලා මුන් මට ඇපත් නැතිකරයි වගේ.
Wednesday, February 10, 2010
Subscribe to:
Post Comments (Atom)
නියම කතාව මල් 7යි
ReplyDeleteඑක කොටසක් තව ටිකක් දිගට ලියන්නකො පුළුවන්නම්... ආසයි ඔයාගෙ කතාවත් දැනගන්න.
ReplyDeleteමොනව වුනත් අවංකව ආදරය කලානම් කවදාවත් ඒ ආදරය අමතක කරන්න බැහැ. මටත් තාමත් එහෙමයි....
@උදාර : තෑන්ක්ස්. මම දිගටම ලියනවා.
ReplyDelete@indik: දිගට ලියන්න ඕනා. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. ඒත් කොහොම හරි වෙලාව හදාගෙන ලියන්නම්. ස්තූතිය.
දිගටම ලියමු....
ReplyDelete