පළමුවෙන් කියන්න ඕන මම මේ කියන්න යන කතාව මගේ ජීවිතයේ සත්‍ය සිදුවීමක් බව. මට කාටවත් හංගන්න දෙයක් නැති මගේ සියළු පාසල් මිතුරන් දන්නා (දන්නා තරමින් ඒ දිනවල මගේ පාසලෙත් ඇයගේ පාසලෙත් ප්‍රසිද්ධ පෙම්වතුන් යුවලක් වූ) අපගේ කථාවයි. දැන් ඇය කොහේ සිටිනවාදැයි හරියටම නොදන්නාමුත් මීට වසර දෙකකට පෙර හමුවූ අපට උදව් කල ඇයගේ මිතුරියක් පැවසුවේ ඇයද (විවාහක වුවත්) තවමත් වරින් වර මා පිළිබඳ මතක් කරන බවයි.
ඒ සමඟම මම මේ ලියන අතීතය මගේ ආදරණීය බිරිඳ දැන සිටියත් තවමත් මා පැරණි ආදරයේ මතක රඳවාගෙන සිටිනවායයි කියන්නට තරම් ඇයට සැහැසි නොවන්නටද මම පරිස්සම් වෙමි. මොකද එසේ වුවහොත් ඇය නොකල වරදකට ඇයට සිතින් දුක් විඳින්නට සිදුවීමයි. මෙය කියවන ඔබ මට බනින්නට පුළුවන්. එහෙත් අද දින යථාර්තයට මා මුහුණ දී සිටිමි. මාගේ ජීවිතය අද සාර්ථක වුවත් පෙම්වතියකට දුන් වේදනාව මසිතේ අළු යට ගින්දර මෙන් පවතී. ඉතිං මම කියන්නම් මගේ කථාව . . . . . . . . . .
Sunday, January 17, 2010
ආදරණීය ශෂී. . .
මා අහිමිකරගත් ආදරය ගැන ලියන්න අවුරුදු 14 පස්සෙ මට හිතුනෙ වර්ෂා කියවනකොට අළුත්වුන මගේ පළමු ආදරය පිළිබඳ මතකය නිසා. අවුරුදු 14 ගතවෙලත් තාමත් මගේ හදවතේ ඒ ආදරය පිළිබඳව ආදරයක්, ලෝභකමක් තියෙන්නෙ ඇයි කියලා මම දන්නෙ නෑ . ඒක වෙන්න ඇති පළමු ආදරය සදා මතකයේ රැඳෙනවා කියන්නෙ.
හිතට වදදෙන මා වැරදි යයි හැඟීම කවදා කොහොම නැතිවෙයිද? මට තාම හිතාගන්න බෑ.
හිතට වදදෙන මා වැරදි යයි හැඟීම කවදා කොහොම නැතිවෙයිද? මට තාම හිතාගන්න බෑ.
Subscribe to:
Posts (Atom)